×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා මරණ ගණන තවත් ඉහළට

Local  •  Published on: 2025-12-08 13:58:47

පසුගියදා හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ ගණන 635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (08) දහවල් 12ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 192ක් මේ වන තෙක් අතුරුදහන්ව ඇත.

පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා හේතුවෙන් වැඩිම මරණ ගණන මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම ගණන 234ක් ලෙසයි සටහන් වන්නේ.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබෙනවා.

තවද පවුල් 22218ක පුද්ගලයින් 69 861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.