×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජපාන භූකම්පනයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල

Foreign  •  Published on: 2025-12-08 17:52:56

ජපානයේ ඇති වූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා.

එරට මාධ්‍ය වාර්තා කළේ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවයි.

මේ හේතුවෙන් හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර් 40ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණි ඇති බවද වාර්තා වනවා.

ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ සිදුව තිබෙන හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බලකායක් පිහිට වූ බවයි.

ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සෑම පියවරක්ම සිදු කරන බවද ජපාන අගමැතිනිය පවසනවා.

මේ අතර භූ කම්පනයෙන් කලාපයේ න්‍යෂ්ටික බලාගාරවලට යම් බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බැලීම පරීක්ෂාවන් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.