ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශේෂ දැනුම් දීමක්
Local • Published on: 2025-12-09 02:21:21
මහනුවර කෑගල්ල කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනාගත් අවදානම් සහිත ස්ථාන සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අදාළ ස්ථානවල ජනතාව දෙසැම්බර් මස 9 වනදා සිට දෙසැම්බර් 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.
මෙහිදී දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශවකරුවන් සම්බන්ධීකරණයෙන් මෙම ඉවත් කිරීමේ කටයුතු සිදුකරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
මේ අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ප්‍රදේශ පහතින් දැක්වෙනවා.
මහනුවර දිස්ත්‍රික්කය -
හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය -
කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ
කෑගල්ල දිස්ත්‍රික්ක -
මාවතගම, මල්ලවපිටිය, රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය -
නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත