×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

විදුලි සංදේශ රැහැන්වලට හානි කරන අයට දැඩි දඬුවම් - පොලීසිය

Local  •  Published on: 2025-12-09 02:58:08

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි කිරීම නොකරන ලෙසත් එවැනි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි බවත් පොලීසිය පෙන්වා දෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධ තොරතුරු වාර්තා වනවා නම් ඒ සම්බන්ධව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුම් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

තවද යම් ආපදාවලට ලක්වූ මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවකදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වනවා නම් අදාළ ආයතන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසද පොලීසිය පවසනවා.