×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

2025 වසරේ දී යතුරු පැදි ලියාපදිංචිය වැඩිවෙයි

Local  •  Published on: 2025-12-09 10:10:35

2025 වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යතුරු පැදි විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව වාර්තා වනවා.

එම දෙපාර්තමේන්තුවෙන් කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසන්නේ යතුරුපැදි පමණක් 223423ක් දැනට ලියාපදිංචි කර ඇති බවයි.

ඉන්පසුව මෝටර් රථ 55448ක් ද, ත්‍රිරෝද රථ 13850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35268ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා.

වාහන ආනයනය කිරීම සමඟ මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම දෙපාර්තමේන්තුවට 2025 වසරේ රුපියල් බිලියන 16ක ඉලක්කය ලබාදුන් බවත් එම ඉලක්කය ඉක්මවා පසුගිය නොවැම්බර් මස 30 වන විට රුපියල් බිලියන 17.8ක  ප්‍රමාණයක් වාර්තා කිරීමටද දෙපාර්තමේන්තුව සමත් වූ බවත්ය.

ඒ අනුව 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 18ක ආදායම් ඉලක්කයක් මහා භාණ්ඩාගාරය විසින් එම දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවද සඳහන්.

කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ එම ඉලක්කයද සපුරා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි.