×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

යුරෝපා කලාපය දුර්වල වෙලා - ඩොනල්ඩ් ට්‍රම්ප්

Local  •  Published on: 2025-12-10 05:07:56

යුරෝපා කලාපය මේ වන විට දුර්වල වී ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ "පොලිටිකෝ" සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

සෑම ජන කොට්ඨාසයක්ම සතුටු කිරීමට උත්සහ දරමින් දේශපාලනිකව නිවැරදි වීමට යුරෝපය දරන උත්සාහය ඔවුන් දුර්වල කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවද ට්‍රම්ප් පෙන්වා දී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ සංක්‍රමණිකයින් යුරෝපයට ඇතුළුවීම හේතුවෙන් කලාපය දිරාපත් වෙමින් ඇති බවයි.

නීති විරෝධී ලෙස යුරෝපයට ඇතුළු පුද්ගලයින් ඔවුන්ගේ මව් රටවල් බලා වහාම කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට හෝ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට යුරෝපා කලාපය අපොහොසත් වී ඇති බවයි.