×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

කෝටි 5000 පරිපූරකයට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබෙයි

Local  •  Published on: 2025-12-10 09:20:43

ආපදාවෙන් විපතට පත් වුවන්ට සහන සැලසීම සහ විනාශ වූ භෞතික සම්පත් ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි 5000ක අතිරේක මුදලක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි.

ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2025 ජනවාරි පළමු වනදා දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ රජයට අයිති ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ලබා ගන්නා ඕනෑම ණය මුදලකින් රුපියල් කෝටි 5000කට නොඉක්මන අතිරේක මුදලක් ගෙවිය යුතු බව මෙම යෝජනාවේ දැක්වෙනවා.