×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

යාපනයට යන්න බැරි මරණ තර්ජන ප්‍රශ්නය දිවුරුම් ප්‍රකාශයකින් ලබාදෙන්න - අධිකරණය ගෝඨාට දැනුම් දෙයි

Local  •  Published on: 2025-12-11 02:46:44

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාළ කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) දින නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඔහුට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාළ නඩුව ඊයේ (10) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිත තර්ජන ඇති බව පවසමින් අධිකරණයට පැමිණ සිටියේ නැහැ.

ඒ බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාළ කරුණු 2026 පෙබරවාරි 6 වනදා දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.