×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අධිකරණයෙන් අතුරු නියෝගයක්

Local  •  Published on: 2025-12-11 10:45:03

ගම්පොල අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය පිළිබඳව ලබන 15 වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසද නියම කර තිබෙනවා.