×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍රවලට කිසිම හානියක් සිදු වෙලා නෑ - විභාග කොමසාරිස්

Local  •  Published on: 2025-12-11 13:36:25

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37,  0112 78 66 16 සහ 0112 78 42 08 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අමතරව 0112 78 44 22 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ http://gcealexam@gmail.com යන විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බවයි.

තවද ගංවතුර සහ නායයෑම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට කිසිඳු හානියක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

"කිසිදු ආකාරයක හානියක් සිදු වෙලා නෑ. විභාගයට දරුවන් ලියා අවසන් කළ උත්තර පත්‍ර ඉතාම සුරක්ෂිතව විභාග දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එමෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ විභාග වල ප්‍රශ්න පත්‍ර අපි වයලා තිබුණා අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට. ඒ ස්ථාන වල ඉතාම සුරක්ෂිතව ඒ ප්‍රශ්න පත්‍ර මළු තියෙනවා.  ඒ වගේම ඇගයිම් කටයුතු පළමු අධියරයේ කටයුතු මේ අවස්ථාවේදීත් සිදුවෙමින් පවතිනවා."

මේ අතර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි 12 වනදා සිට 20 වනදා පවත්වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.