×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

හිටපු කථානායක අශෝක රන්වල පොලිස් අත්අඩංගුවට

Local  •  Published on: 2025-12-12 08:26:25

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තරාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසික ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර පිළිබඳව විමර්ශනයක් පොලීසිය ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ මෙම අනතුර සිදුකළ පුද්ගලයින් අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇති බවයි.

අදාළ වෛද්‍ය වාර්තාව ලැබුණු විගස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (12) උදෑසන පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.