×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා, අපි ඉන්නේ අනතුරුදායක තත්ත්වයක - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Local  •  Published on: 2025-12-12 09:47:36

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට දැනට නිකුත් කර තිබූ නාය යෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී. 75 ඉක්මවූ වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවයි.

ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කළා.

යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවදානයෙන් සිටින ලෙස දන්වා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම ද දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38කට මෙලෙසින් ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව වෙන ලෙස දන්වා නිකුත් කළ නායයෑම් නිවේදනය දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මක වන බවද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරයා සඳහන් කළා.

ඔහු පවසන්නේ ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

ජීවිත රැසක් මේ වන විට අහිමි වී ඇති පසුබිමක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෝ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදන ගැන නිරන්තරයෙන්ම ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.

තවද ඔහු පවසන්නේ නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට ලබාදෙන ලබන උපදෙස් නිසිලෙස පිලිපඳින ලෙසයි.

පසුගිය මස 20 වනදා සිට අද (12) දක්වා කාලය තුළ අනතුරුදායක ඉල්ලීම් පරික්ෂා කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ඉල්ලීම් 2716ක් ලැබී ඇති අතර ඉන් 589ක් මේවන විට අවසන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රට තුළ පවතින ආපදා තත්ත්වය තුළ මේ දිනවල සිදුකළ යුතු සුදුසුම දේ වන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිත ස්ථානයක ජීවත්වීම බවද අවධාරණය කර සිටින බවත් සති අන්තයේ විනෝද චාරිකා යන්න යෑමට ඇති හැකියාව පිළිබඳව විමසා ජනතාවගෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත්ය.