ආපදා මරණ තවත් ඉහළට
Local • Published on: 2025-12-12 17:01:05
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 640 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 211 දෙනෙක් තවදුරටත් අතුරුදහන්ව ඇති බවයි.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 473138කට අයත් පුද්ගලයින් 1637960 දෙනෙක් ඉන් පීඩාවට පත්ව සිටිනවා.
තවද පවුල් 26103කට අයත් පුද්ගලයින් 82813 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පවසනවා.
පැවැති ආපදා වලින් පූර්ණ නිවාස හානි 5713ක් සිදුව තිබෙනවා.
තවත් නිවාස 104805කට අර්ධ හානි සිදුව ඇති බවද වාර්තා වනවා.