ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්
Foreign • Published on: 2025-12-13 04:18:36
ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියා.
මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු දැක බලා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිට ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්ව සිටින බවයි.
මේ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරකර තිබෙනවා.
වසර 14කට පසුව මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණ සිටියා.
මෙවර ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ 'GOAT India Tour 2025' ලෙසිනි.
තවද අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක් ද නිරාවරණය කර තිබෙනවා.
මෙසීගේ සිය ඉන්දීය සංචාරයේ කොල්කටා හයිද්‍රබාද් මුම්බායි සහ නවදිල්ලි හිදී විශේෂ උත්සව කිහිපයකට සහභාගී වීමට නියමිත බව සඳහන්.
මේ අතර කොල්කටා නුවර අද (13) පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්, ඉන්දීය ක්‍රිකට් හිටපු නායක Sourav Ganguly සහභාගී වීමට නියමිතයි.
මෙසීගේ ඉන්දීය සංචාරයේ දී ඔහු සමඟ ඡායාරූපයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100කට අවස්ථාව ලබාදී තිබෙනවා.
මේ සඳහා එක් ක්‍රීඩාලෝලියෙකුගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අය කෙරෙන බව සඳහන්.