×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් වෙයි

Local  •  Published on: 2025-12-14 13:24:56

ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛයට අදාළ මර්ගපොදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවයි.

මේ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදා හැරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

එම සහන සැලසීම සඳහා සම්බන්ධ වන පාර්ශවලට අදාළ කාර්ය භාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්.

තවද ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද මෙහි ඇතුළත් වනවා.