×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කරයි

Local  •  Published on: 2025-12-14 17:32:40

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක අද (14) අලුයම පිපිරීමකින් සිදුවූ ඉන්ධන කාන්දුව මේ වන විට පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයක් අදාළ කාන්දුව සිදුව ඇති බව සඳහන්.

මෙම කාන්දුවෙන් බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක පමණ ප්‍රමාණයක් මුහුදු ජලය සමඟ මිශ්‍ර ඇති බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික සහ ගුවන් හමුදාවේ ද සහාය ඇතිව මුහුදු ජලයට මිශ්‍ර වූ බොරතෙල් ඉවත් කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.