×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව රැස්වෙයි

Local  •  Published on: 2025-12-16 01:48:58

ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) රැස්වුණා.

මෙහිදී ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2025 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද සිදුවුණා.

ඊට අමතරව බහු පාර්ශවික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

තවද මධ්‍යම අධිසංවේදී කලාප කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් අවධානය යොමු වුණා.