×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට කැබිනට් අනුමැතිය

Local  •  Published on: 2025-12-16 11:48:00

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති තොග සහල් කර වෙළෙඳපොලට මුදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

රජය පවසන්නේ 2025 අයවැය මඟින් වෙන්කරන ලද මිලියන 6000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේ දී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට යටත් ගබඩාවල ගබඩා කර ඇති බවයි.

මේ අනුව වෙළෙඳපොළ තුළ අඛණ්ඩව සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර ක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.