×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කාර්මික දෝෂයක් නිසා කටුනායකට ගොඩ බැස්සවූ තුර්කි යානය ගැන තවත් තොරතුරු එළියට

Local  •  Published on: 2025-12-17 02:20:04

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් නැවත ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොල වෙත ගොඩ බැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා අද (17) අලුයම සමත් වුණා.

ගුවන්තොටුපොළේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අද (17) අලුයම 12.17 පමණ යළි ගුවන් යානය ගොඩ බස්වීම සිදුකළ බවයි.

තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලෙන් මඟීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ (16) රාත්‍රී 10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියා.

මෙම ගුවන් යානය පිටත්වී මඳ වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබෙනවා.

මේ අනුව හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4000ක පමණ උසකින් නෝට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින් ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින් ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගැනුණා.

ඒ සඳහා පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබුණා.

මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A 330 එයාර් බස් වර්ගයේ විශාලතම මඟී ගුවන් යානයක් බවද සඳහන්.

මේ අනුව අද (17) අලුයම 12.27ට මෙම ගුවන් යානය ආරක්‍ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයේ නියමුවා සමත් වුණා.

කෙසේ වෙතත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ, ගිනි නිවීම් රථ, වෛද්‍ය කාර්යය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කලපුව තුළද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණා.

ගුවන් යානයෙහි වූ මඟීන් යානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගැනුණා.