×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට පැමිණෙයි

Local  •  Published on: 2025-12-18 10:39:00

පවතින වර්ෂා අධික කාලගුණය සමඟ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජලාශ මේ වන විටත් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

මහවැලි අධිකාරිය පවසන්නේ මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ වට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.

තවද කලා වැව ද්‍රෝණියය අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළු ගඟ යන ජලාශවල ද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වනවා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බවයි.