×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Local  •  Published on: 2025-09-23 11:32:19

නව ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මුල්‍ය කර්මාන්ත සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම උදෙසා 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් හඳුන්වා දීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

මේ අනුව සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 7ක් ගොනු කළා.

එම පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය හා පාර්ලිමේන්තුවේ 'ආර්ථික අර්බුදය බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව' විසින් ලබාදෙන ලද මඟ පෙන්වීම ද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධානය යොමු කර තිබෙනවා.

මේ අනුව නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා 2025.08.11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇති බව සඳහන්.