×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කරයි

Local  •  Published on: 2025-12-20 10:10:58

ගල් පෙරලී යාම හේතුවෙන් හල්දුමුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් 6කට අයත් සාමාජිකයින් 11 දෙනෙක් අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරලී යාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

අදාළ පිරිස මේ වන විට ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.