×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

Local  •  Published on: 2025-12-22 02:37:34

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සදහා අද (22) දිවයිනට පැමිණෙනවා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ අද (22) පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බව සඳහන්.

ආපදාවට පත් වූ ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දීය ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුම් තවත් පියවරක් සනිටුහන් කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ තවත් අරමුණක් වනවා.