×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නොවැම්බර් මසදී උද්ධමනය පහළට

Local  •  Published on: 2025-12-22 11:16:28

2025 නොවැම්බර් මස සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වර්තාවක සඳහන් වන්නේ මේ වසරේ ඔක්තෝබර් මස 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මස සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බවයි.

2025 ඔක්තෝබර් මස 4.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය 2025 නොවැම්බර් මසදී 3.6%ක් දක්වා අඩුව ඇති බවද වාර්තා වනවා.

තවද 2025 ඔක්තෝබර් මස 1.5%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතින බවද එම වාර්තා වේ සඳහන් වනවා.