×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට පැමිණෙයි

Local  •  Published on: 2025-12-22 16:44:38

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (22) පස්වරු 5.40ට පමණ ඉද්නිය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ඔහු පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ පැවසුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන බවයි.

සිය සංචාරය තුළදී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ  තවදුරටත් කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ ඇති බව සඳහන්.