×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි රඟ මඬලට සමුදෙයි

Local  •  Published on: 2025-12-23 02:30:44

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ පවුලේ ඥාතීන් පැවසුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සිය රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද ලාංකීය කලාවට මිල කළ නොහැකි අසහාය කලාකරුවෙකි.

1941 වසරේ පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය වසර 50කට එහා ගිය අතීතයකට උරුමකන් කියනු ලබනවා.

ගාමිණී ෆොන්සේකා මහතා විසින් 1986 වසරේ දී අධ්‍යක්ෂණය කළ කෙටි වලිගය චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවිය.

තවද 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගන කුසලතා වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණා.