×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉන්දීය විදේශ ඇමති අද ජනපති අනුර හමුවෙයි

Local  •  Published on: 2025-12-23 03:15:59

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.

මෙම සංචාරය අතරවාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සංචාරය නිමාකර අද (23) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.