×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉන්දීය විදේශ ඇමති ජනපති සහ අගමැතිනිය හමුවෙයි

Local  •  Published on: 2025-12-23 09:36:56

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව අද (23) පෙරවරුවේ හමු වුණා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි.

මේ අතර මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම සාකච්ඡාවේ දී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති සුදානම සම්බන්ධව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී තහවුරු කර බවයි.

ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයටන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායි පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළා.

ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සංචාරය නිමාකර අද (23) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.