×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බාල එන්නත් සිද්ධිය ගැන ආණ්ඩුවට එල්ල වන චෝදනා විකාරයක් - පා. ම. උපුල් අබේවික්‍රම

Local  •  Published on: 2025-12-24 02:16:58

ප්‍රමිතියෙන් බාල එන්නතක් පිළිබඳව විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන චෝදනා විකාරයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“ඇත්තටම මේ ආපදාව ඇතුළෙ නායගිහින් තියෙන්නෙ විරුද්ධ පක්ෂය. අද වෙනකොට යූඑන්පී එකක් නෑ, පොහොට්ටුවක් නෑ, ශ්‍රීලනිපයක් නෑ, සජබයක් නෑ, මේ ඔක්කොම නන්නත්තාර වෙලා තියෙන්නෙ. මේ පක්ෂවලින් යැපිච්ච, මේ පක්ෂවල ඉඳුල් කකා, මේක ඇතුළෙ පෝෂණය වෙච්ච පණුවෝ වගේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලො දඟළනවා ඉතින් ඒගොල්ලන්ගෙ අනාගතය අහිමිවීම පිළිබඳ වේදනාවෙන්. පැහැදිලි විවේචනයක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න මේගොල්ලන්ට පුළුවන්කමක් නෑ. ඉතින් නමක අවුලක්, උපාධියක අවුලක්, ඇක්සිඩන්ට් එකක් අල්ලන් මේගොල්ලන්ට කෙඳිරි ගහා ඉන්න පුළුවන්. මම දැක්කා මේ දවස්වල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය කෙඳිරි ගගා ඉන්නවා. ඒවා මං හිතන්නෙ විකාර කතා. මේ 2021 දීපු ටෙන්ඩර් එකකට ගෙන්නපු ඖෂධ සම්බන්ධයෙන් මේ ඇතිවෙලා තියෙන කතාබහේදී ආණ්ඩුවක් හැටියට ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා, ඒවා තහනම් කරලා, ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය මැදිහත්වීම කරලා තියෙනවා. මෙහෙම කැපවෙච්ච ආණ්ඩුවක්, මෙහෙම වැඩකරන ජනාධිපතිවරයෙක්, මෙහෙම වැඩකරන කැබිනට් එකක්, මෙහෙම වැඩකරන මන්ත්‍රීවරු, මං හිතන්නෙ මිනිස්සු තමන් ලබාදීපු ඡන්දයට ප්‍රතිඵල ලබමින් ඉන්න රටක් දැන්”