×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

චීන කොමියුනිස්ට් දූත පිරිස ටිල්වින් හමුවෙයි

Local  •  Published on: 2025-12-25 04:33:51

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජවිපෙ නායකයින් අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (24) පැවැත්වුණා.

මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin මහත්වරු ඇතුළු දූත පිරිසක් එක්ව සිටියා.

එහිදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.