×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට රැඳවුම් නියෝග

Local  •  Published on: 2025-12-27 08:50:00

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වසරේ දී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම පිළිබඳව වන විමර්ශනයකට අදාළව ඊයේ (26) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති බව සඳහන්.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම ගිනි අවිය නිත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයා ලබාදී තිබූ එකක් බවයි.

මෙම තොරතුරු ලබාගත් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශ්වයේ අයෙකු බවද තොරතුරු වාර්තා වනවා.