×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සිරිලකවම නැලවූ ගීත කෝකිලාවිය ජීවන වේදිකාවෙන් බැස යයි

Local  •  Published on: 2025-12-27 15:20:05

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 91 වන වියේ පසුවුණා.

1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබනවා.

ඒ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

මේ වන විට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා.

ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇය ගායනා කර තිබීම ද විශේෂත්වයක්.

ලංකේය සිනමාවේ සදාකාලික "ගී රාජනිය" ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලිය ලබනවා.

ඇය 1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර චිත්‍රපට 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදෙනු ලැබුවා.