×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉදිරි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සුදානම් වෙයි

Local  •  Published on: 2025-12-28 02:56:52

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අයුරින් ඉදිරියේ දී ඇති වන වැසි තත්ත්වයේ වර්ධනය වීම මත සුදානම් වීම සඳහා දැනටමත් ආපදා කළමනාකරණ අංශ සුදානම් කර තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා කියා සිටියේ ඊට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා සහ බෝට්ටු සුදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බවයි.

ලබන 29 වනදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.

එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ මේ අනුව සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට ඇදහැලිය හැකි බවයි.

"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති ආකාරයට තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් මෙම මස 29 වැනි දින සිට වර්ෂාපතනය සාමාන්‍යට ඉහළ තත්ත්වයක් උතුරු ප්‍රදේශයටත්, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සහ ඌව ප්‍රදේශවලට ඇද හැළිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර පෙර පරිදිම ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට තියෙන හදිසි සැලැස්මට අනුව භට පිරිස්, ගුවන් යානා, නාවික භට කණ්ඩායම් බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා."