×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මත්තල ගුවන්තොටුපොළේ අපගමන බද්ද ඉවතට

Local  •  Published on: 2025-12-29 02:12:04

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදෙස් ගතවන ගුවන් මඟීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කර තිබෙනවා.

ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මඟීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකරනු ඇති.

අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ 2027 වසරේ ජුනි 26 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි.

මත්තල ගුවන්තොටුපොළ වෙත ගුවන් සමාගම් සහ මඟීන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.