×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මහ නායක හිමිවරුන්ගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

Local  •  Published on: 2025-12-29 14:06:33

ලබන වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 1 වන දින හා 30 වැනි යන දෙදිනම තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදී ඇති බවත් දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශිත දින දර්ශනයන්හි ලබන වසරේ මැයි මස 1 වන දින වෙසක් පුන් පොහොය දින ලෙසත් ලබන 30 වන දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් යොදා ඇති බවය.

නමුත් මැයි මස 1 වන දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් අදාළ ලිපියේ සඳහන් වනවා.

මේ සම්බන්ධව අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේ අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලවද විසා නැකත යෙදෙන ලබන මැයි 30 වන දින වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීම තීරණය කළ බව මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපියේ පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ලබන වසරේ මැයි මස 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව එම මැයි මස 30 වැනි දින යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේලා විසින් නිකුත් කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.