×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

තුර්කියෙන් ආ නැව බලන්න ගිය වැඩබලන ආරක්‍ෂක ඇමති

Local  •  Published on: 2025-06-14 14:30:19

නිල සංචාරයක් ඊයේ (13) දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් 'TCG BÜYÜKADA' නෞකාවේ නිරික්ෂණ චාරිකාවක වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා නිරත විය. එහිදී මෙරට තුර්කි තානාපති Semih Lütfü Turgut මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් Anul Bilgin විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාව නෞකාවට ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී තුර්කි තානාපතිවරයා කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පැසසුමට ලක්කර ඇත. තවද දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ. එමෙන්ම අරුණ ජයසේකර මහතා, තුර්කි නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දෙරට අතර පවතින ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව සහ මිත්‍රත්වය සංකේතවත් වන බව පවසා තිබේ. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ආරක්‍ෂක හවුල්කාරිත්වය යළි තහවුරු කෙරෙන බවද අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාවේ නාවික ශක්තිය නවීකරණය කිරීමේදී තුර්කි රජය විසින් දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ ඒ මහතා, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා දෙරටේම පොදු දැක්ම නැවත අවධාරණය කර ඇත. මෙම අවස්ථාවට විශ්‍රාමික නාවික හමුදාපතිවරුන්, ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Servet Okumus සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.