×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

2026 වසරේ මුල මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට

Local  •  Published on: 2025-12-30 02:33:25

ලබන වසරේ මුල් භාගයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය පිළිබඳව නැවත සාකච්ඡා කිරීම සඳහායි.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය මේ වන විට අවසන්ව තිබෙනවා.

ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණා.

අදාළ රැස්වීම කල් දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙනි.