×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වීම නිසා මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට අහිමි වෙයි

Local  •  Published on: 2025-12-30 08:24:25

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් දැනට අහිමිවී ඇති බවයි.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණ සක්‍රීය තත්ත්වයේ පවතිනවා.

ඉන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබෙනවා.

සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගැනුණා.

දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලංකා විදුලි බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් දෛනික විදුලි සැපයුමට බාධාවක් සිදුව නොමැති බවයි.