×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාලිංගට අලුත් වගකීමක්

Local  •  Published on: 2025-12-30 14:11:45

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අනුව දෙසැම්බර් 15 වනදා සිට ජනවාරි 25 දක්වා මාසයක කාලයක් සඳහා ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සුදානම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මෙමඟින් බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.