×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

කාලගුණයෙන් රතු නිවේදනයක්

Local  •  Published on: 2025-06-14 16:08:34

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) ප.ව.02.30ට නිකුත් කරන එම නිවේදනය හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත්වේ. ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා එම රතු නිවේදනය නිකුත් කර ඇත. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.