×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

පාසල් වේලාවන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීන්දුවක් ගනී

Local  •  Published on: 2026-01-02 02:34:12

2026 වසර තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය මෙම තීන්දුව ගෙන ඇත්තේ රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමිනි.

පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වසර තුළ පාසල් පවත්වන වේලාවන් දීර්ඝ නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (01) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කළා.