×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

තලාවේ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට

Local  •  Published on: 2025-09-25 07:17:11

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තලාව මීරිගම හන්දිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේ දී අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද (25) අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් සහ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කෙරුණා.

පොලීසිය පැවසුවේ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි.

තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් අනෙක් පුද්ගලයින් තිදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.

වෑන් රථය පෞද්ගලික ඇගලුම් කම්හලකට අයත් වෑන් රථයක් වන අතර එය ජා ඇළ ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ගමන්ගත් ගත් එකක් බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයින් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් බවයි.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යාම බවයි.

අනතුර සම්බන්ධව තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.