×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ගෑස් මිලේ වෙනසක් නැහැ - ලිට්‍රෝ සමාගම

Local  •  Published on: 2026-01-02 08:47:52

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවට වාර්තා වනවා.

එම සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සලකා මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස පවතිනවා.

කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම එහි නව මිල රුපියල් 4250ක් වනවා.

තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1710ක් වී තිබෙනවා.

මේ අතර මාසික ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය තුළ සිදුවීමට නියමිතව ඇති බව සඳහන්.