×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කතරගම දේවාලයේ රන් භාණ්ඩ සංචිතයෙන් 70%ක් විකිණීමට තීන්දු කරයි

Local  •  Published on: 2026-01-02 11:45:37

රුහුණු කතරගම දේවාලය සතුව ආරක්‍ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයේ දේව රුව සහිත රත්‍රන් හැර අනෙක් රන් භාණ්ඩ 70%ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව බස්නායක නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.

ඔහු සඳහන් කරන්නේ මෑත කාලයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබාදීමට කටයුතු කරන බවයි.