×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Local  •  Published on: 2026-01-02 17:00:50

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහර දීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

සැකකරු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළා.

මේ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.