×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලක්ෂ 50 දීමනාව ජනවාරි මස පළමු දින 10 තුළ දෙනවා - අමාත්‍ය බිමල් රත්නායක

Local  •  Published on: 2026-01-03 16:38:22

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50 දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදීම ලබාදීම ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ ආපදාවෙන් මාසයක් ගත වීමට පෙර කැඩී බිඳී ගිය පාරවල්වලින් 99%ක ප්‍රමාණයක් සඳා නිම කිරීමට රජයට හැකි වූ බවයි.

නිවාස සම්පුර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට පෙර තමන්ගේ නිවසක් සදා ගැනීමට උදව් කිරීම රජයේ ප්‍රමුඛයා අරමුණ වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් සඳහන් කරන්නේ මෙතෙක් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදල් නිසි ලෙස ලැබී නොමැති බවයි.