×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නිකලොස් මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

Local  •  Published on: 2026-01-05 03:20:02

වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරස් අද (05) පළමු වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු විසින් පසුගියදා 3 වනදා කරකාස් අගනුවර සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමකින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ලැබුණා.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟා තබා ගැනීම සහ එම ආයුධ මඟින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මේ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බව සඳහන් වනවා.

එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා කරන්නේ මධුරෝ සහ අනෙක් වෙනිසියුලානු නායකයින් වසර 20කට වැඩි කාලයක් තිස්සේ කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවයි.