×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

මදුරෝ යටත් කර ගැනීමෙන් පසු රන් සහ රිදී ඇතුළු ලෝහවල මිලට වුණු දේ

Business  •  Published on: 2026-01-05 14:26:36

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත් කර ගැනීම සමඟ රන්, රිදී සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (05) උදෑසන ආසියානු වෙළෙඳපොලේ රන් අවුන්සයක් ඩොලර් 4408ක් පමණ වූ බවයි.

එහිදී රිදී 3.5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බවද සඳහන් වනවා.

මේ අතර බොරතෙල් මිල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

එම කලාපයේ කොටස් මිල බොහෝ දුරට ඉහළ ගොස් තිබූ බවද වාර්තා වනවා.

2025 වසරේ රන් සහ රිදී මිල වාර්තා වූ ඉහළම අගයට ළඟා වුණා.

ගත වූ වසර අවසානයේ දී යම් පහත වැටීමක් සිදු වුවද රන් මිල තවමත් 1979 වසරේ සිට එහි ඉහළම වාර්ෂික අගය වාර්තා කරමින් පසුගිය දෙසැම්බර් 26 වනදා වන විට 60%කට වඩා ඉහළ ගොස් ඩොලර් 4549.71ක ඉහළම අගයට ළඟා වී තිබෙනවා.

වෙනිසියුලාව තුළ වොෂින්ටනයේ මැදිහත් වීම බොරතෙල් සැපයුමට බලපාන්නේ දැයි ආයෝජකයින් විසින් අවධානයෙන් සිටිය ද පසුව එය තරමක් අඩු වීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

වෙනිසියුලානු යටත් කර ගැනීමෙන් පසු වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වුණා.