×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

විපක්ෂයෙන් අගමැති හරිනිට විශ්වාසභංගයක්

Local  •  Published on: 2026-01-07 06:59:01

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදාළව නිකුත් කෙරුණු 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග කළේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බවයි.

මේ අනුව අද (07) විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කිරීමට නියමිත බවත් එම සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට භාර දීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.