×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

වසර දෙකකට පසු ඩොලරයේ අගය උඩ යයි

Business  •  Published on: 2026-01-07 09:18:31

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 310.02ක් වාර්තා වී තිබෙනවා.

2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ අගය මෙලෙස රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික අනුපාතික සටහනට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 306.28 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.81ක් ලෙස සටහන්ව තිබෙනවා.

ගතවූ වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.